උපාධිධාරීන්ට සුබ පණිවිඩයක් - සීමිත හා විවෘත උපාධි ගුරු විභහගයේ ප්‍රතිඵල නිකුත් කීරීම ගැන දැනුම්දීමක්
පසුගියදා දිවයින පුරා ඉතා සාර්ථක ලෙස පවත්වනු ලැබූ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සීමිත හා විවෘත තරග විභාගයේ නිල ප්‍රතිඵල ඉදිරි සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන්ම නිකුත් කර අවසන් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, දිවයිනේ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා පැවැත්වූ මෙම තරග විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට ඉතාමත් විධිමත්ව සහ කඩිනමින් සිදු කෙරෙමින් පවතින බවයි.
ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, ඉන් ඉහළම ලකුණු ලබා ගන්නා සුදුසුකම් ලත් උපාධිධාරීන් සඳහා වහාම සම්මුඛ පරීක්ෂණ පවත්වා, කිසිදු ප්‍රමාදයකින් තොරව ඔවුන්ව ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් අනුයුක්ත කිරීමට රජය බලාපොරොත්තු වෙයි.
මෙමඟින් මෙරට පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟයට ස්ථිර සහ සාර්ථක විසඳුමක් ලැබෙනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.