දිවයින පුරා සිටින මේ පාසල් ළමුන්ට විශේෂයි - අද සිට
2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
එමෙන්ම මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද දින පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කරදීම රජයේ අරමුණ බවට හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව සඳහන් කළේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන ළමුන් වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.
ඒ අනුව කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, අධ්‍යාපනයෙන් කිසිදු දරුවෙකු පිටමං නොවි යුතු බවත් ඇය පැවසුවා.
ඊට අමතරව හය ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසරට කල් දැමුණ ද ඉන් කිසිදු ශිෂයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.