පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්

Report

ලාදුරු රෝගය ව්‍යාප්ත වන්නේ රෝගයේ භයානක තත්ත්වයටත් වඩා ඒ පිළිබඳව පවතින නොදැනුවත්කම මත යනුවෙන් ජාතික ලාදුරු දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළා.

“ අත්වැල් බැඳගමු ලාදුරු දුරලමු ”යන්න තේමා කර ගනිමින් මෙවර ලාදුරු දින ජාතික උත්සවය සංවිධානය කර තිබුණා. ඒ මොරටුව සහ එගොඩ උයන ප්‍රදේශයේ පාසැල් 20ක ළමුන් 350 ක් අඳාළ වැඩසටහන සඳහා සහභාගි කර ගනිමින්.

ඉකුත් ජනවාරි මස 25 වන දිනට යෙදී තිබු 2026 වසරේ ලෝක ලාදුරු දිනය නිමිත්තෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්ධන ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද ලාදුරු දින ජාතික උත්සවය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේදී 28 දින, එනම් අද දින පැවතුණා.

හෙට සිට අලුත් වෙන එක ශ්‍රේණිය

හෙට සිට අලුත් වෙන එක ශ්‍රේණිය

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම අදහස් පැවසුවා.

"සමාජයේ පවතින විවිධ දුර්මත නිසාම ලාදුරු රෝගය ව්‍යාප්තිය නතර කර ගත නොහැකිව තිබෙනවා. 1995 වසරේ සිට ලාදුරු යනු ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාප්ත වන රෝගයක් නොවන බවට ප්‍රකාශ කර තිබෙනවා. මේ රෝගය පිළිබඳ දැනුවත් කළ යුතු හොඳම කණ්ඩායමක් ලෙස පාසැල් දරුවන් හැඳින්විය හැකියි. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛණ අනුව අනුව දහදාහකට එක් රෝගියෙක් වාර්තා නොවන්නේ නම් සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවේ. ලාදුරු මේ රටින් සම්පුර්ණයෙන්ම තුරන් වෙලා කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ විසින් සඳහන් කරන ආකාරයට වසරකට ලාදුරු රෝගීන් එක් දහස් පන්සීයක් දෙදහසක් පමණ වාර්තා වෙනවා. ඔවුන්ගෙන් 12 % පමණ වයස අවුරුදු 15 ට අඩු දරුවන් බවට ලාදුරු මර්දන ව්‍යාපාර දත්ත සඳහන් කරනවා. 2030 වසර වන විට දරුවන් අතර ලාදුරු රෝගය පැතිරීම නතර කරන බව ලාදුරු මර්දන ව්‍යාපාර අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කළා. ඒ දෙය කළ යුතුයි. වර්තමානය වන විට ලාදුරු රෝගය භායානක නැහැ.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

ලාදුරු රෝගය පිළිබඳව දැනුම නොමැතිකම නිසාම එය භායානක වෙලා. ලාදුරු යනු වේගයෙන් බෝවන රෝගයක් නොවෙයි. තමන්ගේ යාලුවෙක්ට ලාදුරු තිබෙනවා කියලා භය වෙන්න ඕන නැහැ. ඔහුව සමාජයෙන් කොන් කළ යුතු නැහැ. වෛද්‍ය ප්‍රතිකාර රජය විසින් නොමිලේම ලබා දෙනවා. අවශ්‍ය වන්නේ නිසි වේලාවට මේ රෝගය හඳුනා ගැනිමයි. රෝගය සම්බන්ධයෙන් ඇති ලැජ්ජාව බිය නිසා රෝගය ගැන කියන්න ගොඩාක් අය බයයි. මේ රෝගය සුවපත් කළ හැකියි ප්‍රතිකාර තිබෙනවා යන්න පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන මෙන් දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ලාදුරු ව්‍යාප්ත වන්නේ රෝගයේ භයානක තත්වයටත් වඩා ඒ පිළිබඳව පවතින නොදැනුවත්කම මතයි. මේ මොරටුව එගොඩඋයන ලාදුරු අධි අවදානම් කලාපයක්. බස් එකේ යනකොටත් මේක බෝ වෙනවා කියලා අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා භය වෙන්න එපා . අවශ්‍ය දැනුවත්භාවය ලබා ගන්න" 

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

ඔබ මග බලා සිටි අස්වැසුම ගැන සුබ ආරංචිය මෙන්න

ඔබ මග බලා සිටි අස්වැසුම ගැන සුබ ආරංචිය මෙන්න