පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් විශේෂ පණිවිඩයක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිකුත් කළ සම්පුර්ණ සුබ පැතුම් පණිවුඩය අනුව, කිසිදු දරුවකුගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය මත තීරණය නොවිය යුතු බවත්, සියලු දරුවන්ට අධ්‍යාපන අයිතිය සම්පූර්ණ වශයෙන් සහතික විය යුතු බවත් සනිටුහන් කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත් වන සියලු දරුවන්ට, රජය අවංක උත්සාහයකින් සහ සහයෝගිතාවෙන් පාසල් ජීවිතය සාර්ථකව, ආරක්ෂිතව සහ සතුටින් ගත කළ හැකි පරිදි අවශ්‍ය සියලු කටයුතු සලසන බවද පණිවුඩයේ සඳහන් වේ.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන පරිදි, පාසල් යන මුල් ම දවස දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් විය යුතු බවත්, පාසල් පරිශ්‍රය සහ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය වැඩිම ඵලදායිතාවයකින් පවත්වාගෙන යාමට රජය මහත් පරිශ්‍රමයක් දරන බවත්ය.
සියලු දරුවන්ට සාධාරණ අධ්‍යාපන අවස්ථා ලබා දීම සහ ඒ සඳහා අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන යාම රජයේ ප්රමුඛ අරමුණක් බවද පණිවුඩයේදී පැවසෙයි.