කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම වසරේ හයවැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පසුගිය වසරේ (2025) භාවිතා කළ පෙළපොත්ම ලබාදීමට තීරණය කර ඇති බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසරේ හයවැනි ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශය හඳුන්වාදීම කල්දැමීම හේතුවෙන්. මුලිකවම 2026 වසරේදී හයවැනි ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය තීරණය කර තිබුණද, විපක්ෂය ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල්දැමීමට රජය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසා ඇත්තේ, මෙම වසරේ හයවැනි ශ්‍රේණියේ සිසුන්ට අවශ්‍ය පෙළපොත් ලබාදීම සඳහා පසුගිය වසරේ පෙළපොත් භාවිතා කිරීමට තීරණය කළ බවයි. එසේම, සිසුන්ට අවශ්‍ය වැඩපොත් මුද්‍රණය කිරීම සඳහාද අදාළ පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.
මෙම තීරණය හේතුවෙන් රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියේ සිසුන්ට පෙළපොත් ලබාදීමේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.