අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්

Report

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ, පසුගිය වසර 10 තුළ උපත් අනුපාතයන් අනුව මෙරට මව්වරුන් 877,000ක් වන්ද්‍යකරණයට ලක්ව ඇති බවත්, 2012 වසරේදී පමණක් මව්වරුන් 6,000කට අධික සංඛ්‍යාවක් වන්ද්‍යකරණයට ලක්ව ඇති බවයි.

උන්වහන්සේ මෙම ප්‍රකාශයන් සිදුකර ඇත්තේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මව්වරුන්ගේ පෙරමුණ විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඥානසාර හිමියන් සඳහන් කළේ, මව්වරුන්ගේ සංගමය විසින් වසර දෙකකට පෙර සිට මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් අනාගත දරු පරම්පරාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. මෙම ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ගේ ළමා කාලය නැති කිරීමට කටයුතු කර ඇති බවත්, 1 සිට 13 වසර දක්වා යෝජිත සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනතාවට ලබාදුන්නොත් මිනිසුන් දඬු මුගුරුවලින් පහර දෙනු ඇති බවත් උන්වහන්සේ පැවසීය.

''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි

''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි

එසේම, ලෝක මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය දායකත්වය ලබාදී ඇති බවත්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ පරීක්ෂණ මීයන් ලෙස භාවිතා කරන බවත් ඥානසාර හිමියන් සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් අධ්‍යාපනය කියන්නෙ අපි අතට පත්වුණ යම් සංස්කෘතියක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම. අපි ඓතිහාසික ජාතියක්. යනුවෙන්හි සඳහන් කළ උන්වහන්සේ වන්ද්‍යකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙසේ අදහස් දක්වා සිටියා.  

1973 අවුරුද්දේ ලෝක ජනගහන පාලනය පිළිබඳ යෝජනාවක් එනවා. ඒ අනුව 1973 අවුරුද්දේ ලංකාවේ පිහිටවනවා ආයතනයක් psl කියලා. (population services lanka) මේක පාර්ලිමේන්තු පනතකින් ඇවිල්ලා තියෙන්නේ. 1980 දී ඒගොල්ලන්ගේ වැඩ පටන් ගන්නවා. මේකට තව රාජ්‍ය නොවන සංවිධානයක් එකතු කරගන්නවා. ඒකට කියන්නේ මාරිස්ටොප් කියලා. මේ සංවිධාන දෙක එකතු වෙලා ලංකාවේ ජන ඝනත්වය පාලනය කරන්න වන්ද්‍යාකරන පනත ගේනවා. 80 පටන් ගන්නවා 83 වෙනකොට වන්ද්‍යාකරණ තත්ත්වය දකිනවා. ඔන්න එතකොට තමයි යම් සාකච්ඡාවක් ඇතිකරගන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ 1988 දී තමයි නැවත මේක සාකච්ඡාවට බඳුන් කරලා එතනදි වෙනස්කමක් කරනවා අවුරුදු 26 සම්පූර්ණ නම් කාන්තාවක් ඇයට පුළුවන් ළමයි දෙන්නෙක් ඉන්නවා නම් නිල වශයෙන් එයාට පුළුවන් වඳ සැත්කමක් කරගන්න. ඒකේ කෙලවර මොකද්ද? පහුගිය අවුරුදු දහයේදී අපි අරගෙන බලපුවහම කොහොමද මේ උපත් වේගයන් කියලා 877,000ක් මේ රටේ මව්වරුන් වඳ කරලා තියෙනවා.  

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවාමයි - අගමැතිනිය කතා කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවාමයි - අගමැතිනිය කතා කරයි

2012 අවුරුද්දේ විතරක් හයදහස් හත්සිය ගානක් වඳ කරලා තියෙනවා. දැන් අපි මේක කිව්වහම ඒ අදාළ මාතෘකාව මිනිස්සුන්ගේ ඔලුවට යන්න ඉඩ දෙනවා වෙනුවට මේ අවිද්‍යාත්මක දේශපාලන කල්ලි මේක අල්ලගෙන හැදුවා අර වඳ කොත්තු එක එක දේවල් හදලා අර ඇත්ත කතාව යටපත් කළා. ඒ වගේ දැන් මේ මව්වරුන්ගේ පෙරමුණ මේ තියෙන අවදානම පෙන්නමින් එනකොට මේකෙ තියෙන කරුණු උකහාගෙන ඇත්ත වශයෙන්ම අපි කවුරුත් පිළිගන්නවානේ මේ අධ්‍යාපනය හරි වෙහෙසකර එකක් කියලා. මේ ලෝකෙට ගැළපෙන අධ්‍යාපනයක් නෙවෙයිනේ මේ.

''6 වසර මොඩියුලයෙන් වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවිය ඉවත් කළාට පමණක් ප්‍රශ්නය විසදුමක් ලැබෙන් නෑ'' වරුණ රාජපක්ෂ කි‍ය‍යි

''6 වසර මොඩියුලයෙන් වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවිය ඉවත් කළාට පමණක් ප්‍රශ්නය විසදුමක් ලැබෙන් නෑ'' වරුණ රාජපක්ෂ කි‍ය‍යි

දැන් උදාහරණයක් විතරක් නව තාක්ෂණය මේ නවතාවන් ඉතා වේගයෙන් දියුණු වෙනවා කියලා කෘෂිකර්මාන්තය අතහැරලා හරියන්නේ නෑනේ. ජපානය දියුණු රටවල් කොරියාව ගත්තත් මේ කාර්මික රටවල් ලෝකෙ ප්‍රංශෙට ගිහිල්ලා බැලුවත්, ජර්මනියට ගිහිල්ලා බැලුවත් මේ නවීන විද්‍යාව හා තාක්ෂණය එක්ක ඒහොල්ලොන්ගේ කෘෂිකාර්මාතය දියූ කරන්න අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අදාළ මිනිස්සු ගොනු කළා. එහෙම විප්ලවයක් එපැයි එන්න. ඒ වෙනුවට මේ විනාශය දැනටත් අපට ආරංචි විදියට ස්ත්‍රී පුරුෂභාවය මේ වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් යම් තැන්වල අතහදා බැලීම් කරමින් ඉන්නවා. ඉතින් මේක ඇත්තටම ත්‍රස්තවාදයක්. අපි ඒ වගේ ත්‍රස්තවාදයන් කීයකට මුහුණ දෙමින් ඉන්නවද..”  

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න