5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු ලබා ගන්න පුලුවන් තවත් විදිහක් - මේ දේ කළොත් තවත් ලකුණු..

Report

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයා ගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වේ.

ඒ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.

රාජ්‍ය සේවයේ හිඟයක් මඟහරවා ගන්න නව පත්වීම් 4,718ක් - මේ ඒ ගැනයි.

රාජ්‍ය සේවයේ හිඟයක් මඟහරවා ගන්න නව පත්වීම් 4,718ක් - මේ ඒ ගැනයි.


මේ පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගැයීමේ උත්සවයකට සහභාගී වෙමින් ය.

එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මාපියන් නොවිඳිනා දුක් විඳ දරුවන් උපකාරක පන්ති යැවිය යුතු නම් පාසල් තිබීම වැඩක් නොමැති බව‍යි.

අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් 1500ක් පමණ රැස්කර දේශන පැවැත්වීමෙන් සාර්ථක කර ගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියකී.

එමෙන්ම ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කර ගැනීම කිසිසේත් ප්‍රායෝගික නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.