රාජ්‍ය සේවකයින්ගේ මේ නිවාඩු වහාම නතර කරන්න - චක්‍රලේඛයක්

Report

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දී තිබෙනවා.

එබැවින් නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛ‍යෙන් දැනුම් දී ඇත.

මේ පාසල් 16 වැනිදාත් පටන් ගන්නේ නෑ - ප්‍රසන්න

මේ පාසල් 16 වැනිදාත් පටන් ගන්නේ නෑ - ප්‍රසන්න

එසේම ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් 2022 වසරේ ජුනි මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

එසේ වුවත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව එම චක්‍රලේඛයේ සඳහන් විධි විධාන යටතේ දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම මේ වන විට දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව ද දක්වයි.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ මේ වන විට නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

සියලුම පළාත් පාලන ආයතනවලට වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙසක්

සියලුම පළාත් පාලන ආයතනවලට වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙසක්

ඊට අමතරව විදේශීය නිවාඩු ලබාගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති, සියලු අවශ්‍යතා සැපිරූ නව නිවාඩු අයදුම්පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවන අතර අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති මෙන්ම ඉදිරිපත් කළ යුතු ලේඛනවල අඩු පාඩු සහිත නිවාඩු අයදුම්පත්‍ර යළි සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.

මේ අතර දේශීය නිවාඩු සදහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ නව චක්‍රලේඛයේ සඳහන්.

මේ කරදර අස්සේ IMF එක ශ්‍රී ලංකාවට කරන්න යන දේ මෙන්න

මේ කරදර අස්සේ IMF එක ශ්‍රී ලංකාවට කරන්න යන දේ මෙන්න