මාලිමා ආණ්ඩුව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරනවා - ස.ජ.බ. සංවිධායක වරුණ රාජපක්ෂ
ලංකා ඉතිහාසයේ මෙතරම් දැඩි ලෙස රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් කළ ආණ්ඩුවක් මෙතෙක් නොපවතින බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
ඔහු සඳහන් කළේ, ජනාධිපති ලේකම් තනතුර සඳහා රැඳවූ අයෙකු රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් නොව, තමන්ගේ විශ්ව විද්‍යාල යාළුවෙකු බවයි.
මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත්කර ඇති අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් තමන්ගේ දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරිකයෙකු පත්කර ඇත.
පොලිස් භාරව සිටින්නෙත් තමන්ගේ වේදිකාවෙන්ම ආව පුද්ගලයෙකු වන අතර, සීඅයිඩීට පත් කළ ශානිද, සුරාබදු කොමසාරිස් ලෙස පත් කළ පුද්ගලයාද තමන්ගේ අපේක්ෂකගේ ස්වාමිපුරුෂයා වන බවද ඔහු චෝදනා කළේය.
තඹුත්තේගම සහ කැලණි විශ්වවිද්‍යාල යාළුවෝද රාජ්‍ය සේවයට පත්කිරීම් ලැබූවන් අතරින් වන බවත්, මෙලෙස යාළුවන්, මිත්‍රයන් හා පාක්ෂිකයන් පෝලිමකට රාජ්‍ය සේවයට පත්කරමින් සිටින ආකාරය ගැන තවදුරටත් තොරතුරු හෙළි කළ හැකි බවද වරුණ රාජපක්ෂ සඳහන් කළා.
ඔහු මේ බව පවසා ඇත්තේ තම අන්තර්ජාල නාලිකාවට නිකුත් කළ වීඩියෝවක් හරහාය.
