මාලිමා ආණ්ඩුව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරනවා - ස.ජ.බ. සංවිධායක වරුණ රාජපක්ෂ

Report

ලංකා ඉතිහාසයේ මෙතරම් දැඩි ලෙස රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් කළ ආණ්ඩුවක් මෙතෙක් නොපවතින බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.

 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඔහු සඳහන් කළේ, ජනාධිපති ලේකම් තනතුර සඳහා රැඳවූ අයෙකු රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් නොව, තමන්ගේ විශ්ව විද්‍යාල යාළුවෙකු බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත්කර ඇති අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් තමන්ගේ දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරිකයෙකු පත්කර ඇත.

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පොලිස් භාරව සිටින්නෙත් තමන්ගේ වේදිකාවෙන්ම ආව පුද්ගලයෙකු වන අතර, සීඅයිඩීට පත් කළ ශානිද, සුරාබදු කොමසාරිස් ලෙස පත් කළ පුද්ගලයාද තමන්ගේ අපේක්ෂකගේ ස්වාමිපුරුෂයා වන බවද ඔහු චෝදනා කළේය.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

තඹුත්තේගම සහ කැලණි විශ්වවිද්‍යාල යාළුවෝද රාජ්‍ය සේවයට පත්කිරීම් ලැබූවන් අතරින් වන බවත්, මෙලෙස යාළුවන්, මිත්‍රයන් හා පාක්ෂිකයන් පෝලිමකට රාජ්‍ය සේවයට පත්කරමින් සිටින ආකාරය ගැන තවදුරටත් තොරතුරු හෙළි කළ හැකි බවද වරුණ රාජපක්ෂ සඳහන් කළා.

ඔහු මේ බව පවසා ඇත්තේ තම අන්තර්ජාල නාලිකාවට නිකුත් කළ වීඩියෝවක් හරහාය.