ආණ්ඩුව ඉබි ගමනේ, කට විතරයි වැඩ බෑ.. - ආණ්ඩුවට දෙහි කපපු ඩඩ්ලි [VIDEO]
වත්මන් ආණ්ඩුව ඉබි ගමනක යන ආණ්ඩුවක් බවත්, රජයේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් නොවන බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති හෙද දින සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්, රැස්ව සිටි රාජ්‍ය සෞඛ්‍ය සේවක නිලධාරීන් අමතමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
"ඔබේ වැඩ වර්ජන හරහා මහජනතාවට සිදුවන හානිය ගැන මම කියන්නේ ඔබේ වැඩ වර්ජනය වැරදි බව නොවේ. ඔබේ සියලුම ප්‍රශ්න, ගැටලුවලින් 99%ක් ආර්ථිකමය ගැටලුයි. මේ ආර්ථික ගැටලු විසඳීමට හැකි ක්‍රමවේදයක් ඇති පාලකයන් මේ රටට බිහි නොවීම ගැන මම බලවත් ලෙස කනගාටු වෙනවා, දුක් වෙනවා.
නව ජනාධිපතිවරයාටත්, නව රජයටත් මේ යන ඉබි ගමන ගැන මට කිසිදු සතුටක් නැහැ. මම මෙය පවසන්නේ පොදුවේ, වෛද්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, රාජ්‍ය සේවයේ ඇති විවිධ ගැටලු ගැනයි. බොහෝ ගැටලු මේ රට තුළ විසඳිය හැකි ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹුණොත්, ඒ ගැන ජනතාවට විශ්වාසයක් ඇති විය යුතුයි.
එබැවින්, නව රජයේ වැඩපිළිවෙළ තුළ රාජ්‍ය සේවයේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් ඇති නොවීමට නම්, ආර්ථිකමය වශයෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු ශක්තිමත්ව විසඳිය යුතුයි. වෘත්තීය සමිතිවල බලපෑම්වලට යටත් නොවී, එක එක කාලවල බලයට පත්වන පක්ෂවල අනුගාමිකයන් බලවත් වීම වැළැක්විය යුතුයි. මේ රට තුළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඉදිරියට යාමේ ශක්තිය අත්‍යවශ්‍යයි."
