රුපියල බේරාගන්න රජයෙන් දැඩි තීන්දුවක් - ඉදිරි සතිවල බඩු මිල ගැන ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ ආනයන වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සහ රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා නව විශේෂ යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, විදේශ විනිමය පිටතට ගලායාම අඩු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා වාහන ආනයන බද්ද සඳහා වන අධිභාරය සියයට 50 දක්වා ඉහළ නැංවීමට රජය මෑතකදී තීරණය කර ඇති බව සඳහන් වේ.
මුලින් නිකන් දුන්නට පස්සේ බදු ගෙවන්නන්ට කෝටි ගණනින් කෙළවෙන ලකුණු.. ලංකාවේ අලුත් ඊ-පාස්පෝට් ගිවිසුමේ තිත්ත ඇත්ත
එමෙන්ම ඩොලර් සංචිත විශාල වශයෙන් වැය වන ආනයන අංශ හඳුනාගෙන ඒවාට සීමා පැනවීම සම්බන්ධයෙන්ද රජය අධ්‍යයන සිදු කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
රුපියල අඛණ්ඩව දුර්වල වීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ඉදිරි සති කිහිපය තුළ අනෙකුත් ආනයනික භාණ්ඩවල මිලද වේගයෙන් ඉහළ යා හැකි බව ආනයනකරුවන් පෙන්වා දෙති.
ශේෂයෙන්ම මැද පෙරදිග යුද තත්ත්වය සහ පොහොර අර්බුදය හේතුවෙන් නිෂ්පාදන පහත වැටී ඇති බවද සඳහන් වේ. මේ අතර, සැප්තැම්බර් 30 දක්වා බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සීනි අපනයනය හදිසියේ තහනම් කර ඇති බවද වාර්තා වේ.