මුලින් නිකන් දුන්නට පස්සේ බදු ගෙවන්නන්ට කෝටි ගණනින් කෙළවෙන ලකුණු.. ලංකාවේ අලුත් ඊ-පාස්පෝට් ගිවිසුමේ තිත්ත ඇත්ත

Report

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (e-passports) ටෙන්ඩරය සම්බන්ධයෙන් රජය බදු ගෙවන්නන්ට දිගුකාලීන සහ ඉහළ පිරිවැයකට මුහුණ දීමට සිදුවිය හැකිද යන්න පිළිබඳව ගැටළු මතුවෙමින් පවතින බව වාර්තා වේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් Thales DIS Finland Oy/Just in Time (JIT) සමාගමට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලියන 3.15ක් නිකුත් කිරීම සඳහා ප්‍රධාන ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමට සූදානම් වෙමින් සිටී.

කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව රජයට අනාගතයේදී “මිල අධික උගුලක්” බවට පත්විය හැකි බවට විශේෂඥයන් අතර කනස්සල්ලක් පවතී.

වාර්තාවට අනුව, ගිවිසුම යටතේ සමාගම තම වියදමින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර පද්ධතිය සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ස්ථාපනය කර නඩත්තු කරනු ඇත. ඒ අනුව මුද්‍රණය කරන සෑම විදේශ ගමන් බලපත්‍රයක් සඳහාම රජය යුරෝ 1.04ක් (ආසන්න වශයෙන් රුපියල් 302.23ක්) ගෙවීමට නියමිතය.

18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්

18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්

මෙම ගිවිසුමේ තවත් කොටසක් ලෙස, මසකට විදේශ ගමන් බලපත්‍ර 60,000ක් මත පදනම්ව අවම මාසික ගෙවීමක්ද රජයට අදාළ වේ.

වසර පහක කාලයකට පසු හෝ විදේශ ගමන් බලපත්‍ර මිලියන 3.15ක් නිකුත් කිරීමෙන් පසු, දෘඪාංග (hardware) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.

එහෙත්, එම පද්ධතිය ක්‍රියාත්මක වීම අදාළ සමාගමට අයත් හිමිකාර මෘදුකාංග (proprietary software) මත රඳා පවතින බැවින්, එය නොමැතිව යන්ත්‍ර භාවිත කළ නොහැකි බව නිලධාරීන් පෙන්වා දෙති.

ටෙන්ඩර් ක්‍රියාවලියේදී අනාගත මෘදුකාංග බලපත්‍ර සහ නඩත්තු ගාස්තු සඳහා සීමා හෝ කොන්දේසි නියම නොකිරීම හේතුවෙන්, පසුව ඒවා සඳහා ඉහළ ගාස්තු අය කිරීමට සමාගමට හැකියාව ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

තවද Oracle Corporation, Microsoft Windows සහ ප්‍රතිවයිරස (antivirus) සේවා වැනි තෙවන පාර්ශ්ව මෘදුකාංග සඳහාද බලපත්‍ර ගාස්තු ගෙවීමට රජයට සිදුවනු ඇත.

අනපේක්ෂිත දිගුකාලීන වියදම් බදු ගෙවන්නන් මත පැටවීම වැළැක්වීම සඳහා, මෙම ටෙන්ඩරය ප්‍රවේශමෙන් සමාලෝචනය කරන ලෙස විශේෂඥයන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

"ලයිට් කපන එක නතර කරලා බිල වැඩි කරද්දී මට දැනුණු බය..." - මහින්ද අමරවීර එදා කැබිනට් රහස් එළියට දමයි

"ලයිට් කපන එක නතර කරලා බිල වැඩි කරද්දී මට දැනුණු බය..." - මහින්ද අමරවීර එදා කැබිනට් රහස් එළියට දමයි

'' මාව හෙට අත් අඩංගුවට ගත්තත් මම ඇත්ත කියනවා '' මන්ත්‍රී අර්චුනා ඉන්දියාව හොල්ලමින් කියූ ආන්දෝලනාතමක කතාව මෙන්න

'' මාව හෙට අත් අඩංගුවට ගත්තත් මම ඇත්ත කියනවා '' මන්ත්‍රී අර්චුනා ඉන්දියාව හොල්ලමින් කියූ ආන්දෝලනාතමක කතාව මෙන්න