18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්
දේශීය ආදායම් පනතට අදාළ අලුත් සංශෝධන ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම නව සංශෝධනවලට අනුව වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති පුද්ගල හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම බරපතළ අපරාධමය වරදක් ලෙස සලකනු ලබයි.
මෙම වැරදි යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ හතරක (රු. 400,000) දඩයක් සහ මාස හයක සිර දඬුවමක් හෝ එම දඬුවම් යුගලම ලබා දීමට නව ප්‍රතිපාදන මඟින් කටයුතු යොදා ඇත.
රටේ බදු ගෙවන පිරිස නීත්‍යානුකූලව වැඩි කර ගැනීම සහ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට විස්සක (20%) ඉලක්කයක් කරා ළඟා කර ගැනීම මෙම සමස්ත වැඩපිළිවෙලේ මූලික අරමුණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දැඩි බදු සංශෝධන මඟින් මෙරට බදු පරිපාලන පද්ධතිය වඩාත් විධිමත් කිරීමට සහ බදු පැහැර හරින්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය අපේක්ෂා කරයි.