24 පැයේම රජය කරන්නේ බොරුව ඇන්දවිල්ල විතරයි - සජිත් කට අරියි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින (05) පාර්ලිමේන්තුවේදී බොරුවෙන් මුලාවෙන් රට පාලනය කරනවා වෙනුවට රටට ජනතාවට පොරොන්දු වූ දේ ඉටු ඉටු කරන්නැයි ඉල්ලා සිටින බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ,
මෙහෙම ගිහින් කවදාවත් ආණ්ඩුවට ඩයස්පෝරාවේ උතුරේ හදවත දිනාගන්න වෙන් නෑ - නිදහස දවසේ වෙච්ච ලොකුම වැරැද්දට නාමල් දෙහි කපයි
"24 පැයේම රජය බොරුව ඇන්දවිල්ල ක්‍රියාත්මක කරනවා.අද අප රටේ විශ්‍රාමිකයන් මෙන්ම වැඩිහිටියන් ලක්ෂ ගණනින් ලොකු අසරණ බවකට ලක්ව තිබෙනවා.ලක්ෂ පහළොවක තැන්පතුවකට සියයට පහළොවක් වූ විශේෂිත පොලී ආදායමක් වැඩිහිටි පරපුරට ලැබුණා.මේ රජය රජය පත්වුණේ වැඩිහිටි පරපුර සුරක්ෂා කරන බවට පොරොන්දුවක් දෙමින්.අද ඒ පොලිය සියයට අටක් දක්වා පහතට වැටී තිබෙනවා.රට ආරක්ෂා කිරීමට සිටින රණවිරුවන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටිනවා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පොරොන්දු වූ වරප්‍රසාද කිසිවක් අද වනතුරු ලැබී නැහැ.තමන්ගේ ගම් ප්‍රදේශයේ සේවය කරපු සිවිල් ආරක්ෂක නිලධාරීන් දුර ඈත ප්‍රදේශ වලට මාරු කරලා යවලා.බොරුවෙන් මුලාවෙන් රට පාලනය කරනවා වෙනුවට රටට ජනතාවට පොරොන්දු වූ දේ ඉටු ඉටු කරන්නැයි අප ඉල්ලා සිටිනවා."
යනුවෙනි.