ඊළඟට රාජ්‍ය සේවය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.. ආයතනවල සද්ද දාගෙන පොර ටෝක්ස් දෙන්න එපා - ලාල් කාන්ත

Report

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍ය ලාල්කාන්ත තවදුරටත් කියා සිටියේ;

තේ කර්මාන්තට එකතුවුණු අලුත්ම අමුත්තා ගැන දැනුම්දීමක්

තේ කර්මාන්තට එකතුවුණු අලුත්ම අමුත්තා ගැන දැනුම්දීමක්

“දේශපාලන පරිවර්තනයකදී ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව ආවේ ජනතා අරගලයක ප්‍රතිඵලයක් ලෙස. රාජ්‍ය සේවයට ගෞරවය ආපසු ගෙන එමු. පොඩි කාලේ තිබුණු ගෞරවය 2022 අරගලයේදී නැතිවුණා. අපේ ආයතන ‘ගැලවුම්කාරයා’ ලෙස ජනතාවට හඳුනාගමු. ආදරණීය ආයතන බවට පත්කරමු. නිලධාරීන් හම්බවෙනකොට ‘ඇහුම්කන් දෙන්නේ නැහැ’ කියලා චෝදනා තියෙනවා.

ප්‍රශ්න විසඳන්න රණ්ඩු කරන්න එපා. වැව් විනාශ වෙනකන් බලාගෙන හිටියේ ඇයි? පොඩි ගැටලු විශාල වෙනකන් ඉන්නේ නැතුව කඩිනමින් විසඳමු. හැමෝම එකතුවෙලා ආයතන ආදරණීය බවට පත්කරමු.”

"රාජ්‍ය සේවයට ලොකු ගෞරවයක් තිබුණා අපි පොඩි කාලේ. 2022 අරගල සමය එනකොට ඒ ගෞරවය නැතිවෙලා තිබුණා. ඒ නිසා අපි රාජ්‍ය සේවකයා කියන කෙනා ගෞරව සම්පන්න පිළිගැනීමක් තියෙන කෙනෙක් බවට පත්කරමු." 

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වූහ.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්