බැසිල්ගේ පොල් වත්තේ නඩුවට නිකුත් කළ වරෙන්තුව දීර්ඝ කරයි

Report

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අද (21) යළි දීර්ඝ කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.

මාතර, එළියකන්ද පාරේ බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී, බැසිල් රාජපක්ෂ මහතා දෙවැනි වරටත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී තිබේ.

එමෙන්ම, සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින ඇපකරුවන් සිව්දෙනාටද මහෙස්ත්‍රාත්වරයා දැඩි අවවාදයක් නිකුත් කරමින්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඇප මුදල් රාජසන්තක නොකළ යුත්තේ මන්දැයි කරුණු දක්වන ලෙසද ඇපකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

රෝහණ විජේවීරගේ පවුල ගැන ඇසූ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - දයාසිරි අණ්ඩුව සමග පැටලේ

රෝහණ විජේවීරගේ පවුල ගැන ඇසූ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - දයාසිරි අණ්ඩුව සමග පැටලේ

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි