අතුරුදන් වූවන් වෙනුවෙන් ළඟම ඥාතියාට ගෙවන මුදල ගැන අද හිමි වූ විශේෂ කැබිනට් අනුමැතිය..

Sri Lanka Sri Lanka Cabinet
By krishani Oct 11, 2022 09:46 AM GMT
krishani

krishani

Report

අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟම ඥාතියා වෙත ගෙවනු ලබන මුදල රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි විය.

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන දක්නට නොලැබීමේ සහතිකය මත පදනම් කරගනිමින් ළඟම ඥාතියා වෙත රුපියල් 100,000ක මුදලක් ගෙවීමට මාර්තු මස 14 වනදා පැවති කැබිනට් රැස්වීමේ දී තීරණය කෙරුණේ ය.

අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූර්ණ කාර්යාලය විසින් තහවුරු කරගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමටත් තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join