සියලු ග්‍රාම නිලධාරි වසම් ඉලක්ක කර ගනිමින් චක්‍රලේඛයක් නිකුත් වෙයි..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 07, 2022 01:38 AM GMT
krishani

krishani

Report

දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

ඊට අදාළ චක්‍ර ලේඛය ඊයේ (06 )දින නිකුත් කර තිබෙන අතර මේ පිළිබඳව දිසාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ රැස්වීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07 ) පැවැත්වීමට නියමිතයි.

මෙමගින්, රාජ්‍ය අංශය සමග පෞද්ගලික, සමුපකාර හා රාජ්‍ය නොවන අංශ අතර සම්බන්ධතාවයද ශක්තිමත් කරමින්,මෙරට ආර්ථිකය ඉදිරි වසර දෙක තුළ පරිවර්තනයකට ලක් කිරීමට යෝජිතයි.