අල්-ෂබාබ් සටන්කාමීන් ගැන සෝමාලියානු රජයෙන් විශේෂ නිවේදනයක්.

By krishani Jan 30, 2023 07:04 AM GMT
Report

ඉහළ අණ දෙන නිලධාරීන් ඇතුළු ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන අල්-ෂබාබ් සටන්කාමීන් 130 කට වැඩි පිරිසක් මරා දැමූ බව සෝමාලියානු රජය නිවේදනය කරයි.

සෝමාලියාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව සෝමාලියාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් ජිහාඩ් සටන්කාමීන් 136 දෙනෙකු මිය ගිය බව එරට අමාත්‍යවරයෙක් සඳහන් කළේ ය.

තම විශේෂ බලකාය රටේ උතුරේ වැටලීමක දී ජ්‍යෙෂ්ඨ සටන්කාමී නායකයෙකු මරා දැමූ බව මීට දින කිහිපයකට පෙර එක්සත් ජනපදය ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join