වකුගඩු රෝගීන් වෙනුවෙන් චීන රජයෙන් මෙරටට ලැබුණ විසල් තෑග්ග..

Sri Lanka Government of China China
By krishani Sep 27, 2022 02:45 AM GMT
krishani

krishani

Report

රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් ඊයේ (26) දින චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කර ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී නිල වශයෙන් භාර දෙනු ලැබුණී.

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join