ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

Report

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පවත්වා තිබෙනවා.

විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහි දී සාකච්ඡාවය කෙරුණා.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර, එය ලබන දෙසැම්බර් මස 15 වනදා කල් ඉකුත් වීමට නියමිතයි.

ඔන්න අද ඉදන් එයා අයෙත් වැඩ...බලන්නකෝ කොහොමද කියලා..

ඔන්න අද ඉදන් එයා අයෙත් වැඩ...බලන්නකෝ කොහොමද කියලා..

ඒ, සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබාදිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබාගෙන ඇති ණය සම්බන්ධව ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

මොකක්ද මේ හදිසියේම වෙන්න යන වෙනස..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකුත් නිකුත් කරලා..

මොකක්ද මේ හදිසියේම වෙන්න යන වෙනස..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකුත් නිකුත් කරලා..

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබාගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වුණා.

මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.