විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

By Piyumika Nov 12, 2024 02:15 AM GMT
Report

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු අඟවයි.

එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි.

ඔන්න අද ඉදන් එයා අයෙත් වැඩ...බලන්නකෝ කොහොමද කියලා..

ඔන්න අද ඉදන් එයා අයෙත් වැඩ...බලන්නකෝ කොහොමද කියලා..

විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා යොමුකරන බව පවසමින් එම වෘත්තීයවේදීන්ව රවටන බවයි.

සමහරුන්ව ඩුබායි හි සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පවසා පසුව රවටා මියන්මාරය වෙත රැගෙන යන බව වාර්තා වී ඇති බව සඳහන් ය.

චීන ලදුන් දෙදෙනෙක් මෙහෙ ඉදලා ගජරාමෙට කරන ගිය වැඩක් මාට්ටු..

චීන ලදුන් දෙදෙනෙක් මෙහෙ ඉදලා ගජරාමෙට කරන ගිය වැඩක් මාට්ටු..

එබැවින් විදෙස් ගත වන්නේ නම් නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස සියලු දෙනාගෙන් ජාතික කාර්ය සාධක බළකාය පවසයි.

එබැවින් යම් සැක කටයුතු සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් 0112102570, 076 844 7700 යන දුරකථන අංකවලට හෝ nahttfsrilanka@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙස ජාතික කාර්ය සාධක බළකාය දැනුම් දෙයි.