මොකක්ද මේ හදිසියේම වෙන්න යන වෙනස..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකුත් නිකුත් කරලා..

By Piyumika Nov 12, 2024 01:20 AM GMT
Report

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (13) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

තව දවස් කීයද..තාම ලැබුනේ නෑ කියලා බයෙන්ද හිටියේ.. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ටයි මේ ක්‍රමය..

තව දවස් කීයද..තාම ලැබුනේ නෑ කියලා බයෙන්ද හිටියේ.. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ටයි මේ ක්‍රමය..

එමෙන්ම උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර, මධ්‍යම, ඌව, සබරගමුව, සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

අපි දන්න නැන්දම්මලා ලේලිලා නම් මෙහෙම නෑ හැබැයි..දෙන්න තුන්දෙනා හරිම සහයෝගයෙන් කරගෙන ගිහින් තියන දේ බලන්නකෝ..

අපි දන්න නැන්දම්මලා ලේලිලා නම් මෙහෙම නෑ හැබැයි..දෙන්න තුන්දෙනා හරිම සහයෝගයෙන් කරගෙන ගිහින් තියන දේ බලන්නකෝ..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.