රන් මිල තවත් ඉහළට - පවුමක මිල රු. 339,000 දක්වා උඩ යයි

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉස් ඉහළ යාමත් සමග මෙරටත් රන් මිල තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.

අද (12) පෙරවරුවේ ලෝක රන් මිල ඔන්ස් එකක් ඩොලර් 3,266 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට සමගාමීව මෙරට රන් මිලද ඊයේට (11) සාපේක්ෂව පවුමකට රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇත.

රන් මිල තවත් ඉහළට - පවුමක මිල රු. 339,000 දක්වා උඩ යයි | Gold Rate Today Updated Prices In Sri Lanka

අද (12) පෙ.ව. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ මිල ගණන්

- කැරට් 22 පවුරුක් රන් පවුමක් – රු. 312,000

- කැරට් 24 පුරුක් රන් පවුමක් – රු. 339,000 (ඊයේ රු. 336,000 විය)

කොළඹ හෙට්ටිවීදිය රත්‍රං ව්‍යාපාරිකයන් පවසන්නේ, ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින්, ඉදිරි දින කිහිපය තුළ මෙරට රන් මිල තවත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.

මේ වන විට රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමකට ආසන්නව පැවතීම නිසා රන් ආභරණ මිලද සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා

අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා