ඉතිහාසයේ පළමු වතාවට ලෝක රන්මිල ඩොලර් 5,000 පනී

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024.95ක් දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත් විශේෂඥයින් මත පළ කරයි.

එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල 1.74%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 107.72ක් ලෙස සටහන් වේ.

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,013.50ක් ලෙසද සටහන් වී තිබේ.

ලෝක මිලට සාපේක්ෂව අද දිනට ශ්‍රී ලංකාවේ රන්මිල තව සුළු මොහොතකින් යාවත්කාලින වනු ඇත.

හදිසි නිවේදනයක් - මහජන අනතුරු ඇගවීමක් - ජනතාව අතර බෙදාහරින්න

හදිසි නිවේදනයක් - මහජන අනතුරු ඇගවීමක් - ජනතාව අතර බෙදාහරින්න