පිරිසිදු කරන්න ඇවිත් හොදටම කරලා ගිහින්...දැක්කොත් වහාම පොලිසියට කියන්න..(VIDEO)

Report

දෙසැම්බර් 30 වන දින කොළඹ බම්බලපිටිය පිහිටි මහල් නිවාස සංකීර්ණයක නිවසකින් රන් ආභරණ සොරකම් කරන ලද පුවතක් වාර්තා විය.

"ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි".. ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය..

"ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි".. ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය..

අදාළ දිනයේ නිවසට පිරිසිදු කිරීම සඳහා පැමිණි කාන්තාවක් විසින් මෙම ආභරණ සොරකම් කර ඇති බවට සොයාගත් අතර අදාළ කාන්තාව ආභරණ සොරකම් කිරීමෙන් පසු මහල් නිවාස සංකීර්ණයෙන් පිටව යන ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇත.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් විසින් බම්බලපිටිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, අදාළ කාන්තාව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වී තිබෙන අතර මෙම තත්ත්වය තුළ, මෙම කාන්තාව පිළිබඳ විස්තර සොයා ගැනීමට පොලිසිය මහජනත්වගේ සහාය පතයි.

19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවන තරගයේත් ජය...

19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවන තරගයේත් ජය...

ඒ අනුව සීසීටීවී කැමරා දර්ශන මත පදනම්ව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව බම්බලපිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයකට නැග පිටකොටුවේදී බැස ගිය බවයි.

එමනිසා, මෙම පින්තූරයේ සිටින කාන්තාව පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකු වහාම බම්බලපිටිය පොලිස් ස්ථානයට හෝ 071 859 44 53 යන අංකයට අමතා තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනත්වගෙන් ඉල්ලා සිටී .

පිරිසිදු කරන්න ඇවිත් හොදටම කරලා ගිහින්...දැක්කොත් වහාම පොලිසියට කියන්න..(VIDEO) | Gold Jewelry Thieves

You may like this video