අද සිට විදේශ ගමන් බලපත්ර වෙනුවෙන් - ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
අද (29) සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවේ විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලිය වෙත නව නීති සහ පහසුකම් කිහිපයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහජනතාවට වඩාත් විධිමත් සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදු කර ඇති අතර, විශේෂයෙන්ම ප්රාදේශීය කාර්යාල වෙතින් සේවා ලබා ගන්නා අයදුම්කරුවන් සහ ප්රථම වරට ගමන් බලපත්ර ලබා ගන්නා පුද්ගලයින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව සඳහන්.
එමෙන්ම මෙම නව ක්රමවේදයට අනුව මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ආගමන හා විගමන ප්රාදේශීය කාර්යාල වෙතින් එක්දින හෝ සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර ලබා ගැනීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් අනිවාර්යයෙන්ම පූර්ව වේලාවක් වෙන් කරවා ගත යුතු වේ.
ඒ අනුව දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්රමය හරහා තමන්ට පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමෙන් අනතුරුව පමණක් අදාළ ප්රාදේශීය කාර්යාල වෙත පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව දන්වයි.
ශ්රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය
එහෙත් බත්තරමුල්ල සුහුරුපාය හි පිහිටි ප්රධාන කාර්යාලයෙන් සේවා ලබා ගන්නා මහජනතාවට මෙම මාර්ගගත වේලාවන් වෙන් කිරීමේ ක්රියාවලිය අදාළ නොවන බවත් ඔවුන්ට පෙර ලෙසම පූර්ව දිනයක් වෙන් කරවා ගැනීමකින් තොරව සතියේ වැඩ කරන දිනවල පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා ප්රධාන කාර්යාලය වෙත පැමිණ තම අයදුම්පත් භාර දීමේ පහසුකම සලසා දී ඇති බවත් සඳහන්.