අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම්ට ඇප

Report

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ගොඩනැගිලි රජයේ දේපළක් ලෙස අසත්‍ය ලෙස හඳුන්වා දෙමින් උපබදු ගිවිසුම් සකස් කර, පසුව එම දේපළ ජාතික තරුණ සේවා සභාවට බදු පදනම මත ලබාගැනීමට කටයුතු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මෙම ගනුදෙනුවට අදාළව සභාව සතු රුපියල් මිලියන 3.8ක මුදලක් නීතිවිරෝධී ලෙස තෙවන පාර්ශ්වයකට ගෙවා ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව සභාවේ අරමුදල් භාවිත කරමින් අදාළ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1.3ක මුදලක් වැය කර ඇති බව සඳහන් වේ. මෙම ගනුදෙනු හේතුවෙන් රජයට රුපියල් මිලියන 5.1ක පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

රුපියල් මිලියන 5.1ක මූල්‍ය අක්‍රමිකතාවක්- ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට

රුපියල් මිලියන 5.1ක මූල්‍ය අක්‍රමිකතාවක්- ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට