හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට
පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව ඔහු ඇතුළුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.