"ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි".. ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය..

By Piyumika Jan 21, 2025 08:23 AM GMT
Report

නව පනතක් සම්මත කරගන්නා තෙක් පවතින ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසයි.

මන්ත්‍රී රැස් පෙන්නපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට වැඩ වරදි..

මන්ත්‍රී රැස් පෙන්නපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට වැඩ වරදි..

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවද සභානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා IMF ගිවිසුම ගැන රජයේ සමාලෝචනයක්..

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා IMF ගිවිසුම ගැන රජයේ සමාලෝචනයක්..

"ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු. ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා."  

You may like this video