ඔක්තෝබර් 31 වනදා දිවයින පුරා - රටේ සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රජා සහභාගිත්වයෙන්

Report

ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කර ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා අත්තම’ ජාතික පවිත්‍රතා හා පරිසර සුරැකීමේ තුන්වන වැඩසටහන ඔක්තෝබර් 31 වනදා දිවයින පුරා ආරම්භ කරන බවයි.

පොදු කටයුතු සඳහා ජනතාවගේ ශ්‍රම දායකත්වය ලබාගනිමින් සාමූහිකව ගැටලු විසඳාගැනීමේ සංස්කෘතියක් ගොඩනැඟීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව, දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රජා සහභාගිත්වයෙන් වැඩසටහන් සංවිධානය කිරීමට නියමිත අතර අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ජනාධිපති අතිරේක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ලංකාවේ සමාගම් 27ක් තහනම් කෙරේ - ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ලංකාවේ සමාගම් 27ක් තහනම් කෙරේ - ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

ගම්මානවල පොදු අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ යටතේ ගම්මානවල මාර්ග පිරිසිදු කිරීම, අත්හැර දමා ඇති පොදු ළිං නැවත භාවිතයට ගත හැකි පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රදේශයට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වැනි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

මහජනතාව, පෞද්ගලික අංශය, ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් මෙම කටයුතු සඳහා එක්ව දායක වන අතර රට තුළ සංස්කෘතිකමය වෙනසක් ඇති කිරීමටත්, යහපත් සමාජ පුරුදු නැවත ස්ථාපිත කිරීමටත් මෙම වැඩසටහන දායක වනු ඇතැයි විශ්වාස කරන බව ද සුගීෂ්වර මහතා ප්‍රකාශ කළේය.

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකයන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් නායකත්වය ලබාදීමට නියමිතයි. පසුගිය අත්තම වැඩසටහන් දෙක සඳහා ද ගම්මානවල ජනතාවගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව සිහිපත් කළ ඒ මහතා, මෙවර වැඩසටහන සඳහා ඊටත් වඩා වැඩි ජනතා සහභාගිත්වයක් අපේක්ෂා කරන බව සඳහන් කළා.