ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාව විනාශ කරයි - පුද්ගලයින් පස්දෙනෙක් මරුට
By Ashfa
ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ බෙංගාල බොක්ක ආශ්රිතව හටගෙන ඉන්දියාව දෙසට පැමිණි 'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බවයි.
අද (28) අලුයම කාලයේදී ආන්ද්රා ප්රදේශ් වෙරළ තීරය ආසන්නයෙන් ප්රබල මට්ටමේ සුළි කුණාටුවක් ලෙස ඉන්දීය ගොඩබිම් කලාපයට ඇතුළු වූ මෙම කුණාටුව, පැය හයකට ආසන්න දීර්ඝ කාලයක් පුරා එම ප්රදේශයට බලපෑම් එල්ල කර ඇත.
සුළි කුණාටුව සමග ඇති වූ ගස් කඩා වැටීම් ඇතුළු අනතුරුවලින් මෙම ජීවිත හානි වාර්තා වී ඇත.
"Be Ready" සූදානම්ව සිටින්න - දින ගණනකට අවශ්ය ආහාර ජලය විදුලි පන්දම් සියල්ල රැස් කරගන්න - ජපානය ඇමරිකාව එංගලන්තය රටවල් රැසක් තම ජනතාවට අනතුරු අඟවයි - ඉදිරියේ වෙන්න යන දේකට ලෝකයම සූදානම් වෙයි