මානව හිමිකම් කොමිසම නොසතුටින් - ''පසුගිය සමයේ පොලිස් අත්අඩංගුවේදී මරණ 49ක්, හෝමාගම තරුණයාගේ මරණය ගැනත් පරීක්ෂණයක්''

Report

හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු පහරදීමකට ලක්ව මියගිය බව කියන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය පිළිබඳ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් කොමිසම ස්වයං මැදිහත්වීමෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් ද පැමිණිලි දෙකක් ලැබී තිබේ.

ඒ අනුව, කොමිසමේ නිලධාරීන් හෝමාගම පොලිස් ස්ථානයට ගොස් අදාළ තොරතුරු ලබාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ ප්‍රකාශ ද සටහන් කරගෙන ඇත.

හෝමාගම පොලිස් OICට වැඩ වරදීද? - පොලිස් OIC ඇතුළු තිදෙනෙකුට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

හෝමාගම පොලිස් OICට වැඩ වරදීද? - පොලිස් OIC ඇතුළු තිදෙනෙකුට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

2020 ජනවාරි මාසයේ සිට 2025 මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ 49ක් සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලදී සිදුවූ මරණ 30ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව ද කොමිසම සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් කොමිසම මීට පෙර නිකුත් කළ මාර්ගෝපදේශ අදාළ පොලිස් නිලධාරීන් අනුගමනය කර නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ.

ඒ අනුව, අදාළ පොලිස් නිලධාරීන්ට ඔක්තෝබර් 29 වැනිදා පස්වරු 1.30ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාගැනීමට ද කොමිසම තීරණය කර ඇත. විමර්ශන අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

සුළි කුණාටුව ඉන්දියාවට ගියත් පළාත් කිහිපයකට තද වැසි සහ පැයට කි.මී. 40ක තද සුළං - කාලගුණෙන් හදිසි දැනුම්දීමක්

සුළි කුණාටුව ඉන්දියාවට ගියත් පළාත් කිහිපයකට තද වැසි සහ පැයට කි.මී. 40ක තද සුළං - කාලගුණෙන් හදිසි දැනුම්දීමක්



GalleryGallery