දෙයියනේ ගුරා තුන වසරේ දැරියව ක්ලාස් එකේ දී දූෂණය කරලා
දඹුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කළේ, පාසල් නිවාඩු කාලයේ නොමිලේ පැවැත්වෙන උපකාරක පන්ති අවස්ථාවේදී තුන්වැනි වසරේ දැරියක් ලිංගික අපයෝජනයට ලක්කරන ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අද (25) විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
ගුරුවරයා, ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දඹුල්ල කොට්ඨාශයේ ප්‍රාථමික විදුහලක තුන්වැනි වසරේ පන්තියට දරුවන් උගන්වන පුද්ගලයෙකු වන අතර, එම වසරේම ඉගෙන ගන්නා සිසුවියක් ඔහු විසින් අපයෝජනය කර ඇති බව දරුවාගේ මව්පියන් ඊයේ (24) දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ලබා දී ඇත.
පාසල් නිවාඩු සමයේ, ගුරුවරයා පාසල තුළම උපකාරක පන්ති පැවැත්වීමේ අවස්ථාවේදී පැමිණි දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර, මෙම අවස්ථාවේදී එක දැරියකට එම අතවරය සිදු කළ බවද පොලිසිය ප්‍රකාශ කරයි.
පැමිණිල්ල අනුව ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහ කළද, ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා කියා සිටී.