සිසුවියකගේ සියදිවි නසා ගැනීමේ තීරණය තවත් තරුණියකට දිවි අහිමි කරයි..

By Piyumika Sep 02, 2024 07:04 AM GMT
Report

ජපානයේ යොකෝහාමා නගරයේ සාප්පු සංකීර්ණයකින් බිමට පැන පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇය එම ගොඩනැගිල්ලෙන් පනින විට පදික වේදිකාවේ ගමන්කරමින් සිටි තරුණියකගේ ඇඟට වැටී ඇති අතර සහන කණ්ඩායම් ඔවුන් දෙදෙනාම රෝහල්ගත කර තිබුණි.

රුසියාවේ තල්මස් ඔත්තුකරු මියයි..

රුසියාවේ තල්මස් ඔත්තුකරු මියයි..

නමුත් එම සිසුවිය සහ 32 හැවිරිදි තරුණිය රෝහල්ගත කළ පසු මියගොස් ඇති බව වාර්තා විය.

සියදිවි නසා ගැනීම් ගැන ජපාන වාර්තා සඳහන් කරන්නේ අවුරුදු 18ට අඩු පුද්ගලයින් සියදිවි නසා ගැනීම වැඩි ප්‍රවනතාවක් දක්වන බවයි.

මුදල් පසුම්බියේ ආරවුලට යුද හමුදාවේ අටක් අත්අඩංගුවට ..

මුදල් පසුම්බියේ ආරවුලට යුද හමුදාවේ අටක් අත්අඩංගුවට ..

වෙනත් දිනවලට සාපේක්ෂව සැප්තැම්බර් 01 වනදා ජපානයේ සිදු වූ නව පාසල් වාරය ආරම්භ කිරීම එම සතිය තුළ සිදුවීම ඊට හේතුව ලෙස සඳහන් වෙයි.

පාසල් ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී ජපාන සිසු සිසුවියන් 513 දෙනෙක් සියදිවි නසාගෙන තිබුණි.