මුදල් පසුම්බියේ ආරවුලට යුද හමුදාවේ අටක් අත්අඩංගුවට ..
By Piyumika
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කළහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබලුන් අටදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස දියතලාව යුද හමුදා පීඨයට අනුබද්ධ සෙබලුන් බවටයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර කියා සිටියේය.
මුදල් පසුම්බියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස කළහකාරී තත්වයක් මතුව ඇති අතර,
ඊයේ රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ පිරිසක් කලහා කාරි ලෙස හැසිරෙන බවට හා එම පිරිස බණ්ඩාරවෙල දුම්රියේ ස්ථානයේද කලාහකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
.