නායක ෂුබ්මන් ගිල්ගෙනුත් අර්ධ ශතකයක් – ඉන්දියාව ප්රබල ලෙස තරගයට අවතීර්ණ වෙයි [VIDEO]
By Malith Madushan
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේදී ඉන්දීය නායක ෂුබ්මන් ගිල් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ගිල් ලකුණු 50ක් ලබා සිටියදී අසිත ප්රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
මේ වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 205ක් ලබාගෙන සිටි අතර, දේව්දත් පඩික්කල් නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය. ඔහු සමඟ රිෂාබ් පාන්ට් ලකුණු 3ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටියි. ශ්රී ලංකාව වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුලු 2ක් දවාගෙන ඇති අතර, ලහිරු කුමාර එක් කඩුල්ලක් දවාගෙන තිබේ.