දේව්දත් පඩික්කල්ගෙන් අර්ධ ශතකයක් [LIVE VIDEO]
By Malith Madushan
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය පිතිකරු දේව්දත් පඩික්කල් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
මේ වන විට පඩික්කල් නොදැවී ලකුණු 56ක් රැස්කරගෙන සිටින අතර, ඉන්දීය නායක ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 46ක් ලබාගෙන සිටියි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 172ක් ලබාගෙන සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගෙන තිබේ.