IMF කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජිවා දිවයිනට පැමිණේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය තෙදින සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියාය.
ඒ, මෙරටට ලබා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වය සොයා බැලීමට සහ IMF අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීම සහතික කිරීම සඳහා බව වාර්තා වෙ.
එමෙන් ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුව ම නිරීක්ෂණය කිරීම ද මෙම සංචාරයේ එක් අරමුණක් බව සඳහන්.
මෙම සංචාරය අතරතුර ක්‍රිස්ටලිනා ජෝර්ජිවා රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත ය.