සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - මේ දුරකථන අංක හතර ළග තබාගන්න

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ හෙට (17) දිනයෙන් ආරම්භ වීමට නියමිත 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාග දිනයන්හි දී යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආදාළ පාර්ශව සමඟ විශේෂ සැලැස්මකට අනුව කටයුතුකර ඇති බවයි.

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුසිසුවියන්ට විභාග මධ්‍යස්ථානයන් කරා යාමට නොහැකිවූ අවස්ථාවකදී හෝ කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇතිවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇමතීම සඳහා සෘජු දුරකථන අංක හඳුන්වා දී ඇති බවය.

ඒ අනුව, 117 හො 1911 යන දුරකථන අංකවලට අමතරව තවත් අංක 4ක් අලුතින් හඳුන්වා දී ඇත.

011 366 8020

011 366 8100

011 366 8013

011 366 8010

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පවසා සිටියේ විභාගය ආරම්භ කිරීමට දින දෙකකට පෙර සිට විභාගය අවසන්වී දින දෙකක් ගත වනතුරු එනම් ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන් වන තුරුම ආරක්ෂක අංශ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර අවසන් බවයි.

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - අත්තිකාරම් මුදල් ලබාදීමට සහතික

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - අත්තිකාරම් මුදල් ලබාදීමට සහතික