යළි ක්‍රියාත්මකවුනු නොරොච්චෝලේ ජනන යන්ත්‍රය!
By R.rishma
අවුරුදු උත්සව සමයේ අඩු බල ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීයව තිබූ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
වත්මන් ඉහළ බල ඉල්ලුමට අනුකූලව, ඒකක තුනම දැනට ක්‍රියාත්මකව පවතින බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත.