රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

CID - Sri Lanka Police Ranil Wickremesinghe Gossip Today MP Chamara Sampath Dassanayake Sinhala news
By Shehan Apr 21, 2025 06:12 AM GMT
Shehan

Shehan

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරන විමර්ශන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, රාජ්‍ය බැංකුවක පවත්වාගිය ස්ථාවර තැන්පතුවල මුදල් කල්පිරීමට පෙර ලබාගැනීමෙන් රජයට රුපියල් මිලියන 17.3ක පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත. මේ හේතුවෙන් අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

කුරුල්ලන්ගේ හා මිනිසුන්ගේ ලේ බොන මදුරුවෙක් ගැන ඇහෙන අලුත්ම ආරංචියක්!

කුරුල්ලන්ගේ හා මිනිසුන්ගේ ලේ බොන මදුරුවෙක් ගැන ඇහෙන අලුත්ම ආරංචියක්!

කෙසේ නමුත්, එම සිදුවීම තමන් අගමැති ධුරය දැරූ කාලයේ සිදුවූ බවත්, එම මුදල් ලබාගැනීම එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය ඇතිව, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව සිදුවූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

එම චක්‍රලේඛයට අනුව, පළාත් සභා අරමුදල් ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කළ නොහැකි අතර, රජයේ අරමුදල් හා වෙන්කළ අනෙකුත් අරමුදල් එම වසර තුළම වියදම් කළ යුතුය. එසේ නොකළහොත්, එම මුදල් මුදල් අමාත්‍යාංශයට හෝ අදාළ පළාත් සභා අමාත්‍යාංශයට ආපසු යැවිය යුතු බවත් එහි සඳහන් වූ බව වික්‍රමසිංහ මහතා පවසයි.

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

මේ සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් නමුත්, එදිනට එය ලබාදීමට නොහැකි බව ඔහු දැනුම් දී ඇත.

ReeCha