නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය කරයි

Report

විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රිය කිරීමටයි.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ පසුගිය 11 වනදා එම යන්ත්‍රය අක්‍රිය කිරීමට පියවර ගත් බවයි.

අප්‍රේල් 12 වැනිදා පෙරවරුවේ කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද නතර කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කලේ මේ වන විට ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන බවත් , ජල සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදු කරන බවයි. 

දකුණු පිලිපීනයේත් භූ කම්පනයක්

දකුණු පිලිපීනයේත් භූ කම්පනයක්