ටින්මාලු කාලත් ඉවරයිද...අද සිට බලපැවැත්වෙන පරිදි ටින්මාළු සම්බන්ධයෙන් අති විශේෂෂ ගැසට්ටුවක්...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය මගින්, ටින් කළ මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙසත්, මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ලෙසයි එහි දැක්වෙන්නේ.
එසේම, අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 420ක මිලකටත්, ජැක් මැකරල් ග්‍රෑම් 425 ටින් එකක් රුපිල් 560ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බවයි.
අදාළ නියෝගය අද සිට බලපැවැත්වෙන බවද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
………………………………………………………………………
You may like this video 👇