අපි දෙන්නගෙ වැඩේම කාමරේකට වෙලා කතා කරන එක අන්තිමට ඒක කෙළවර වුණේ විවාහයකින් (PHOTOS)

srilanka gossip Gayathri dies
By Sithumi Feb 27, 2022 02:38 PM GMT
Sithumi

Sithumi

Report

චන්න පෙරේරා කිව්වම කව්ද නොදන්නෙ. ශ්‍රී ලාංකික සිනමා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්න මේ වන විට ඔහුටම කියා ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටිනවා.

ඉන්දියානු සුරූපී රංගන ශිල්පිනියන් ලංකා සිනමා ක්ෂේත්‍රයට හඳුන්වාදුන් පුද්ගලයෙක් විදිහටත් චන්නව අපට හඳුනාගන්නට පුළුවන්. පුජා උමාශංකර් කියලා කියන්නේ ඒ විදියට ඔහු සිනමා ක්ෂේත්‍රයට හඳුන්වාදුන් රංගන ශිල්පිනියක්. ඔබ අප කවුරුත් දන්නා පරිදි පෙරේරා යුග දිවියට පත් වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස් සමගයි.

ඔවුන් දෙදෙනාට සුරූපී සුරූපී දියණියන් දෙදෙනෙක් ද සිටිනවා. නමුත් මේ වන විට ඔවුන්ගේ පවුල් ජීවිතයේ ඇති වූ යම් යම් ගැටළු නිසා විවාහයෙන් වෙන් වෙලා ඉන්නේ. ඔහු එක් වූ එක්තරා youtube මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ අතීත වතගොත කියා පෑවේ මේ විදිහට. ගයත්‍රි හම්බෙන්නෙ මට 1995දී මකර විජිතය කියන ටෙලි නාට්‍යයේ දී බෙනට් රත්නායකයන්ගේ. වාසනාවට වෙන්න ඕනි අපිට රූගත කිරීම් ගොඩක් තිබුන් නෑ.

අපිට රූගත කිරීම් තිබ්බේ වැස්ස කාලෙක. ඉතින් වැස්ස නිසා shooting නෑ ගොඩක් වෙලාවට. අපි දෙන්නාගේ වැඩේම කාමරෙකට වෙලා පුටුවක් තියාගෙන කතා කරන එකමයි. අන්තිමට ඒ කතාබහ කෙළවර වුණේ අවුරුද්දක් ඇතුළත ඇයව විවාහ කරගැනීමෙන්. ඉතිං මට විවාහ වෙන්න අදහසක් තිබ්බේ නෑ.

හැමෝම කිව්වා නළුවෙක් විදිහට ඒ කෝණයෙන් බලලා මේ මෝඩ වැඩේ කරන්න එපා ඔබගෙ ජනප්‍රියත්වය නැතිවෙයි ඉස්සරහට අවස්ථාවල් නැති වෙයි දැම්ම කසාද බඳින්න එපා කියලා. නමුත් මම ඒ එකක්වත් ඇහුවේ නෑ. ඉතිං මේ වෙනකන් එක එක හැලහැප්පීම් මැද්දේ ජීවිතය ගලාගෙන ගියා. අවුරුදු කීපයකට කලින් අපි දෙන්නා ඈත් වුණා. අපි කතාබහ කරලා බොහොම සුහදත්වයෙන් ඈත් වුනේ. මං හිතන්නේ ඇයගේ ජීවිතයටත් ඒක සුබ දායක වෙන්න ඇති මගේ ජීවිතයටත් ඒක සුබදායක විදිහට බලපෑවා.

අදටත් අපි දෙන්නා ඉතා හොඳ සහයෝගයෙන් කටයුතු කරනවා. අපි කවදාවත් අපිව විවේචනය කරගෙන නැහැ. ඒ හැමදෙයක් තුළම, අපි වෙන්වුණාට දරුවන්ට ආදර්ශමත් වෙලා තියෙනවා. ගයත්‍රි මට ඇඟිල්ල දික් කරලා නැහැ, මමත් නැහැ. අපි හැමෝම තුළ දුර්වලකම් තියෙනවා.

කාලයක් යද්දි නොගැළපීම් දැනෙනවා. මත ගැටුම් තිබුණා මුල් කාලේදී. වියපත් කාලේදී අපි කතාබහ කරලා වෙන් වුණා. මේ විදිහට තමයි ඔහු එහිදී කියා තිබුණේ. ඉතින් ඔහුගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery