පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

Report

මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට කෙහෙල් බද්දර පද්මෙ සමඟ සම්බන්ධතා පැවැත්තුවා යැයි චෝදනා එල්ල වෙමින් පවතී.

ඒ අතර සමාජ මාධ්‍ය පුරාවටම හුවමාරු වන ජනප්‍රිය රංගන ශිල්පීනී ගයාත්‍රී ඩයස් ඩයස්ගේ ඡායාරූපයකුත් හමුවේ. ඒ නිසාම බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ ඔවුන් කෙහෙල් බද්දර පද්මේ සමග සමීප සම්බන්ධතාවයක් පවත්වමින් කළු සල්ලි සුදු කිරීමට උදව් වූ බවයි.

කෙසේ නමුත් පෙර දින (28) මේයාකාරයෙන් චෝදනා ලැබූ තවත් රංගන ශිල්පිනියක් වූ ශ්‍රීමාලී පොන්සේකා මහත්මියවද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.

එහිදී ඇය සඳහන් කළේ චෝදනා ලැබූ රංගන ශිල්පිනියන් සියලුම දෙනා ඩුබායි රාජ්‍යයේ පැවති අවුරුදු උත්සවයකට සම්බන්ධ වූ අතර එහිදී ඔහුත් සමග ඡායාරූප ගැනීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල වී ඇති බවයි.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මෙම පුද්ගලයා කවුද කින්ද මන්ද කියල නොදැන ඔවුන් ඡායාරූපවලට පෙනී සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ.ඒ අනුව ජනප්‍රිය රංගන ශිල්පිනේ ගයාත්‍රී ඩයස් මේ දිනවල මානසිකව මේ ප්‍රශ්නය නිසා දැඩි ලෙස විඳවන ආකාරය සටහන් රැසක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණි.

ඒ අනුව ඇය හරිම සංවේදී සටහනක් එකතු කර තිබුණු අතර එය පහතින් උපුටා දක්වා ඇත.

"පෙර ආත්මය ගැන මතකයක් නැතත්,එ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති. වේදනාකාරී ඇති. පෙර පවි අනුව මෙි ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි.

නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී. මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි. කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත. මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි. මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි..🙏"

කෙසේ නමුත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය නොදැන කවුරුන් වැරදිකරුවන් යන්න පිළිබඳව නිගමනයකට එළඹීමට නොහැකි බව සඳහන් කළ යුතුමයි.

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි