පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට
මේ වන විට බොහෝ දෙනෙක් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වී තිබෙන දෙයක් තමයි කෙල්බද්දර පද්මේ සමග ජනප්‍රිය නළු නිළියන් රැසක් සම්බන්ධතා පැවැත්තුවා යැයි කියන මාතෘකාවව. ඒ අනුව ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුගේම නම් සදහන් කරමින් සමාජ මාධ්‍ය හරහා මෙලෙස කෙහෙල් බද්දර පද්මේ සමඟ සම්බන්ධතා පැවැත්වුවා යැයි සටහනක් හුවමාරු වේ.
ඒ නම් අතර සිටිනා එක්තරා ජනප්‍රිය නිළියක් ලෙස හේෂානි ලියැදි පිට හැඳින්විය හැකිය.මෙයාකාරයෙන් තමන්ගේ නම අයුතු ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා පැතිරෙන මේ කටකතාව පිළිබඳව ඇය පළමුවරට වීඩියෝවක් ඉදිරිපත් කරමින් අදහස් දක්වා තිබේ.
ඇය සදහන් කරන ආකාරයට ඇය මෙවැනි පුද්ගලයකු අඳුරන්නේ නැති බවත් එවැනි පුද්ගලයකු සමග කිසිදු අයුරින් සම්බන්ධතා පැවැත්තුවේ නැති බවත් සඳහන් කළාය.
මේ වන විට විදෙස්ගත වී තම ස්වාමියා සමග ජීවත් වන ඇය මෙවැනි ව්‍යාජ පුවත් පසුපස එල්ලි නොයන බවත් නමුත් මෙම පුවත වැඩිපුර ජනතාව අතර පැතිරීමත් සමඟම ඇයට බොහෝ දෙනෙක් කතා කොට සම්බන්ධයෙන් විමසූ නිසා ඇය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට සූදානම් බව සඳහන් කළාය.

ඒ අනුව මේ ආකාරයෙන් ඇගේ නම අවභාවිතා කරමින් ව්‍යාජ පුවත් මවන සියලුම දෙනා වෙනුවෙන් ඇය නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන අවසන් බවත් නීතිය හමුවේ ඔවුන් සියලුම දෙනාට පිළිතුරු දීමට සිදුවනු ඇතැයි ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
එමෙන්ම මෙවැනි පුවතක් ප්‍රචාරය වීමේදී එය ඇගේ චරිතයට විශාල ලෙස බලපෑමක් එල්ල කරන අතර මේ අසීරු කාල සීමාවේදී ඇයගේ ළඟින්ම ඉඳගෙන පවුලේ සියළුම දෙනා ඇයගේ හිත හැදුවා කියලත් සඳහන් කළා.
ඒ වගේම ඇයගේ නම සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සටහනක් ඉදිරිපත් කළ පුද්ගලයකු ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු එම ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම බාරගන්නා බවත් ඒවා ඔප්පු කිරීමට ඔහු සතුව සාක්ෂි තිබෙන බවත්ය.
එහිදී මෙකී පුද්ගලයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කොට ඇත්තේ හේෂානි ලියැදි පිට නමැති මෙම ජනප්‍රිය රංගන ශිල්පිනිය මෙම අපරාධ කරුවා සමග සම්බන්ධතා පැවැත්තුවා පමණක් නොව තවත් ඩුබායි රාජ්‍යයේ මෙවැනිම පුද්ගලයකු සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි.
[E1RRIUZ ]
ඔහු මෙම ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සහ එහි වගකීම බාර ගැනීමට සූදානම් බව හේෂාලි ලියදි පිට ඉදිරිපත් කෙරූ වීඩියෝ පටයට යටින් කමෙන්ට් එකක් වශයෙන් සටහන් කර තිබුණි. කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අවසානයේ අය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවට ප්‍රකාශ කළාය.
ඒ වගේම ඇය මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් එක් කොට තිබුණු අතර එය පහතින් උපුටා දැක්වේ.
නොදැන බොහෝ දේ විවේචනයට ලක්කරන්නට පෙර හිතන්න ...✍️ දින කිහිපයක් තුල සමාජ මාධ්‍ය තුල මගේ නම භාවිතා කරමින් දරුනු චෝදනාවක් නිර්මාණය කර ඇති බව දැනුවත් විය. ජීවිතේ කිසිම දවසක නොකර , තුන් හිතකින්වත් නොසිතූ මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හසුරවන සම හරක් විසින් නිර්මාණය කිරීම කනගාටුවට හා වේදනාවට කරුණකි. තමාගේ තෘප්තියත් ,පහල මානසිකත්වයත් නිසා නිවැරදි තොරතුරක් , විස්තරයක් නොදැන, කිසිදු සාක්ශියක් නොමැතිව ,මෙවැනි මහා පරිමානයේ චෝදනාවක් යටතේ මාගේ නම සමාජ මාධ්‍යයේ සදහන් කල පිරිස් වෙනුවෙන් ඊට අදාල නීතිමය පියවර ගැනීමට මට සිදුවිය. ජීවිතේ තමන් ආස දේවල් එක්ක , සතුටින් , කැමති විදිහට ජීවත් වෙන්න මිනිස්සුන්ට බැරිද ?
ඉගෙනගන්න ඕන කාලෙදි මහන්සි වෙලා ,විශ්ව ව්ද්‍යාලයකට ගිහින් ඒ ලබාගත්තා දැනුම භාවිතා කරල තමන්ගේ කියල දෙයක් නිර්මාණය කරන් සාධාරණ විදිහට ජීවත් වෙන සතුටින් ඉන්න මිනිස්සු මේ ලංකාව ඇතුලේ ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු තමන් ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙවෙයි .. තමන්ට ලැබුනු ජීවිත කාලය ඇතුලේ සතුටින් ඉන්න උත්සාහ කරන්න .......
අනිත් කෙනාට තමන්ට නොලැබුන දෙයක් තියෙනවා වගේ දැනෙනවා නම් ඒ දේ වෙනුවෙන් කුහුලක් ඇතිකරගන් නැතුව තමන්ගේ උන් එක්කත් තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න ..... ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදි තව එකෙක් රිද්දන්න වට්ටන්න පාගන්න උත්සාහ කරන මිනිහෙක් වෙන්න එපා , කිසි දෙයක් නොදැන තව කෙනෙක් විවේචනයට ලක් කරන්න තරම් අධම පහත් මානසිකත්වයක් තියෙන අමුනුස්සයක් වෙන්න කලින් දෙපාරක් හිතන්න. 🙂 ස්තූති ❤️"
ඇය මේ සම්බන්ධයෙන් පැහැදිලි කෙරූ වීඩියෝ පටය ද පහතින් උපුටා දක්වා ඇත.