ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නව පුහුණුකරුවකු යටතට..
By Piyumika
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ .
ඔහුගේ ධුර කාලය වසර තුනහමාරක් වන බවයි සදහන් වනුයේ .
ඒ අනුව මෙම මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතය.
පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ් ය.