අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

Report

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ .

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.


දුරදිග ගිය ජංගම දුරකතනය සොරකමේ සිද්ධිය ඝාතනයකින් කෙලවර කළ තිදෙනා අත්අඩංගුවට ..

දුරදිග ගිය ජංගම දුරකතනය සොරකමේ සිද්ධිය ඝාතනයකින් කෙලවර කළ තිදෙනා අත්අඩංගුවට ..

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියේය .

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබේ.

රොබට් බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍යයට දුන් තාරා දෙව්දුව නැවත ලංකාවට..

රොබට් බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍යයට දුන් තාරා දෙව්දුව නැවත ලංකාවට..

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ අතර ඊයේ රාත්‍රීයේ ද දුම්රිය මගීන්ද කලහකාරීව හැසිරෙන අයුරු දක්නට ලැබුණි.